Thursday, November 3, 2011
මම ලියනවා......
එක පාරටම පුංචිම පුංචි හුළං රැල්ලක් ඇති වෙලා නැති වෙලා ගියා....
ඈත කොනක තිබිච්ච පුංචි වලාකුලක් ඒ හුලඟෙ පාවෙලා ඇවිත් හිතේ මුල්ලක වැදිලා බිඳිලා ගියා. ගල් ගැහෙන සීතලට උඩින් හිත පුරාවටම දුවන සිතුවිලි වල උණූහුම පපුවට ගෙනාවේ වචනයෙන් කියන්න බැරි හැගීමක්.
හැඟීම් කියන්න පුළුවන්නම්..... මට එකපාරටම හිතුනා. මේ දැනෙන අපූරු හැඟීම තව කෙනෙක්ට විඳින්න දෙන්න පුළුවන්නම්.....
උඩ පැන පැන දැඟලුවට උඹ හරිම දුර්වල සතෙක්... කොහෙන්දෝ ආපු කට හඩක් හිනා වෙනවා. මම ගැස්සිලා වට පිට බැලුවා. ලඟ පාත තියා දුර ඈතින්වත් ඒ හඩේ හිමිකාරයව මට පෙනුනේ නෑ.
විකාර.... ඔයා එහෙම කියන බව මම දන්නවා.
මටත් හිතුනේ එහෙමමයි..
මේ ලෝකේ නිරපේක්‍ෂයි... කවුදෝ කොහේ හරි ලියලා තිබ්බා.... එක පාරටම අහසේ විදුලියක් කෙටුවා...
බම්බුව තමයි... අර හඬ ආයිත් හිනා වුනා.
හඬ කියන්නේ ඇත්ත... ලෝකය නිරපේක්‍ෂ වුනානම්.... එහෙම උනානම් මගේ සිතුවිලි කාට හරි කිව්වොත් එයාටත් මට දැනුන හැඟීමම දැනෙන්න ඕනේ.. මේ හැම දෙයක්ම “මට“ සාපේක්‍ෂයි... අහස ගොරවනවා..
විදුලි කෙටුවට පස්සේ කොහොමත් ගොරවන්න එපෑනේ....
මම වැරදිද...? මම අහසෙන් ඇහුවා.. උත්තරයක් ලැබුනේ නෑ.. ආයිත් පුංචි හුලං රැල්ලක් හමන් යනවා මට දැනුනා...
මම ලියනවා... මුළු අහසටම ඇහෙන්න මම මිමිණුවා.. උඹ ඇතුලේ සැරින් සැරේ මතුවෙන වාලාකුළු ගැන මම ලෝකෙටම කියනවා... ආයිත් විදුලියක් කෙටුවා...
දැන් ඉතින් තව ටිකකින් ගොරවයි..... කොහෙන්දෝ අර හඩ ආයිත් මතු උනා...
ඊට පස්සේ.....? ඊට පස්සේ ඉතින් ආයිත්...........
Subscribe to:
Post Comments (Atom)
ලියන්න දිගටම ලියන්න.පිනන්නනම් වතුරට බහින්න ඕනෑමයි
ReplyDeleteජයවේව!!
සුභ පැතුම්!
ReplyDelete